Thursday, November 12, 2009

රැකියා විරහිත උපාධිධාරීන් 17,174කට රජයේ රැකියා

රාජ්‍ය පරිපාලනය ගම් මට්ටම දක්වා ගෙනයාමේ මහින්ද චින්තන ප්‍රතිපත්තියට අනුව රැකියා විරහිත උපාධිධාරීන් 17174 දෙනෙකු රජයේ රැකියා සඳහා කඩිනමින් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ.
dinamina

එජාප-ජවිපෙ අකුරට වැඩ අසාර්ථකයි


සාමාන්‍ය ජන ජීවිතයට කිසිදු බලපෑමක් නෑජල-විදුලි-ඛනිජ තෙල් වරාය සේවා සාමාන්‍යපරිදි අවශ්‍ය වුවොත් සේවා සඳහා හමුදාව සීරුවෙන්


එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව ඊයේ (11) ආරම්භ කළ ‘අකුරට වැඩ කිරීමේ’ ක්‍රියා මාර්ගය මුළුමනින්ම අසාර්ථක විය.
dinamina

Thursday, October 29, 2009

කැකිල්ලේ තීන්දු ගන්න බෑ-පරික්ෂණ වාර්තා පැමිණි වහා වරද කරුවන් සැමට දඩුවම්-සෞඛ්‍ය ඇමති

අර්බුදයට ලක්ව ඇති ඖෂධ අදාළ වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණයන්ට යොමු කොට ඇති බවත්,පරීක්ෂණ ප්‍රථිපල අනුව කිසියම් ලෙසකින් අදාළ ඖෂධ නිෂ්පාදන ආයතන හෝ පුද්ගලයන් වැරැදි කරුවන් වුවහොත් ඖෂධ ලියපදිංචිය තහනම් කිරීමටත්,අදාළ නිෂ්පාදන ආයතන මඟින් වන්දි ලබා ගැනීමටත්,නිති ප්‍රකාරව දඩුවම් ලබා දීමට නීතිය හමුවට පමුණුවන බව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. news.lk

Friday, October 02, 2009

වෑන් රථය තුළ පිපිරුමට හේතුව පුද්ගලික ආරවුලක්

වෑන් රථය තුළ පිපිරුමට හේතුව පුද්ගලික ආරවුලක් - බ්‍රිගේඩියර් උදය නානායක්කාර

කුරුණෑගල, උඩුවල්පොල ප්‍රදේශයේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථයක් තුළ බෝම්බ පිපිරීමක් අද (02) උදෑසන 6.55 ට පමණ සිදුවී ඇති බව යුධ හමුදා මධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
මෙම පිපිරීමෙන් රියදුරු ඇතුළුව 13 දෙනෙකු තුවාල ලබා ඇති බවත් මූලික පොලිස් විමර්ෂණ වලට අනුව මෙම ප්‍රහාරය සඳහා පෞද්ගලික ආරවුලක් හේතු වී ඇති බව අනාවරණය වී ඇතැයි හමුදා මධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.news.lk

Thursday, September 17, 2009

ඒ.ජා.ප රජය හිතුවක්කාර ලෙස රත්තරන් විකුණා......

ඒ.ජා.ප රජය හිතුවක්කාර ලෙස රත්තරන් විකුණා රුපියල් බිලියන 16 පාඩු ලැබුවා-ජනමාධ්‍ය අමාත්‍ය

එක්සත් ජාතික පක්ෂ රජය පැවැති පාලන කාලය තුළ රත්තරන් ට්‍රෝයි අවුන්ස ලක්ෂ 02 කට වැඩි ප්‍රමාණයක්, ට්‍රෝයි අවුන්සය ඩොලර් 300 බැගින් අලෙවිකර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. news.lk

Thursday, September 10, 2009

ජනපති ආර්යාවගේ මෙහෙවරට චීනයෙන් පැසසුම්


ජනපති ආර්යාවගේ මෙහෙවරට චීනයෙන් පැසසුම්


කාන්තා සහ ළමා අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මැතිනිය දැනට කරනු ලබන මෙහෙවර අතිශයින්ම අගය කරන බව චීන ජනතා කොංග්‍රසයේ නියෝජ්‍ය සභාපතිනි චෙන් සිලි මහත්මිය පැවැසුවාය.

උතුරේ අවතැන් වූවන් පිළිබඳව දක්වන අනුග්‍රහය පිළිබඳවද චෙන් සිලි මහත්මිය සිය ප්‍රසාදය පළ කැර තිබේ. එම සුබසාධන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 75 ක පමණ මුදලක් වටිනා පරිඝණක සහ මහන මැෂින් පරිත්‍යාග කිරීමට ද ඈ එකඟතාව පළකැර තිබේ. dinamina

චැනල්-4 සිද්ධියට සම්බන්ධ ..........

චැනල්-4 සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් හෙළි කරනවා


චැනල් 4 සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකික පිරිස ළඟදීම රටට හෙළිදරව් කරන බව ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.මේ සිද්ධිය විදේශයකින් මතු වුවත් එහි රංග විලාසය වේශ නිරූපණය ඇතුළු සියලු දේ මෙරටදී කළ දේ බව අනාවරණය වී ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කෙළේ ය. dinamina